හෙට සිට වී අලෙවි මණ්ඩලය හරහා වී මිලදී ගැනීමට පියවර

හෙට සිට වී අලෙවි මණ්ඩලයෙන් වී මිලදීගෙන PMD සහල් වෙළෙඳපොළට

by Staff writer 16-08-2022 | 5:42 PM

COLOMBO (News 1st) - වී අලෙවි මණ්ඩලය මගින් හෙට (17)  සිට වී මිලදී ගැනීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ ය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ, ඒ අනුව නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120 ක මිලකටත්, සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 125 කටත්, කීරී සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 130 ක මිලකටත් මිලදී ගැනීමට නියමිත බවයි.

 අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ, ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.

එසේ මිලදී ගන්නා වී සහල් බවට පත්කොට PMD සහල් නමින් වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.