.webp)
COLOMBO (News 1st) - වී අලෙවි මණ්ඩලය මගින් හෙට (17) සිට වී මිලදී ගැනීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ ය.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ, ඒ අනුව නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120 ක මිලකටත්, සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 125 කටත්, කීරී සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 130 ක මිලකටත් මිලදී ගැනීමට නියමිත බවයි.
අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ, ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.
එසේ මිලදී ගන්නා වී සහල් බවට පත්කොට PMD සහල් නමින් වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.