.webp)
COLOMBO (News 1st) - හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශයන්හිදී කරන කිසිදු වියදමක් සඳහා රජයේ මුදල් වැය නොකරන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ, හිටපු ජනාධිපතිතුමාගේ සියලු වියදම් එතුමාගේ පෞද්ගලික මුදලින් දරනු ලබන බවයි.
තමාගේ එතෙර වියදම් පිළිබඳව පළවන වාර්තා අසත්‍ය බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර තිබේ.