බලශක්ති ව්‍යාපෘති 02කට අදානිට තාවකාලික බලපත්‍රයක්

මන්නාරමේ සහ පුනරීන්හි සුළං බලශක්ති ව්‍යාපෘති දෙකකට අදානි සමාගමට තාවකාලික බලපත්‍රයක්

by Hashini De Mel 16-08-2022 | 10:43 PM

COLOMBO (News 1st) - මන්නාරමේ සහ පුනරීන්හි  සුළං  බලශක්ති ව්‍යාපෘති දෙකක් වෙනුවෙන් ඩොලර් මිලියන 500 කට වැඩි ආයෝජන සඳහා අදානි ග්‍රීන් එනර්ජි සමූහයට තාවකාලික බලපත්‍රයක් ලබාදී තිබේ.

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව සඳහන් කළේ, ට්විටර් පණිවිඩයක් තබමිනි.