.webp)
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ, මේ තත්ත්වය තුළ සෞඛ්‍ය උපදෙස් දැඩිව පිළිපැදිය යුතු බවය.
කොරෝනා ආසාදිතයින් 129 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 668,141ක් දක්වා ඉහළ ගොස් ඇත.
කොරෝනා මරණ 3 ක් ඊයේ(15) වාර්තා වූ අතර සමස්ත මරණ සංඛ්‍යාව 16,624 කි.
කොරෝනා ආසාදිතව සිට සුවය ලැබූ සංඛ්‍යාව 650,166 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.