තලේබාන්වරු ඇෆ්ගනිස්ථාන බලය අල්ලා වසරයි

තලේබාන්වරු ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලා වසරක් සපිරෙයි

by Staff writer 16-08-2022 | 7:33 AM

News 1st - තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය සියතට ගෙන වසරක් සම්පූර්ණ වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එය සැමරීම සඳහා තලේබාන්වරු ඇෆ්ගනිස්ථානය පුරා කලු සහ සුදු ධජ ඔසවා ඇති බවයි.

බ්‍රිතාන්‍ය ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වීමත් සමග එහි බලය තලේබාන්වරු නතු කර ගැනීමෙන් ඇෆ්ගනිස්ථානුවන් දරිද්‍රතාව සහ මන්දපෝෂණය සමග දැඩි අරගලයක නිරතව සිටි.

''එක්සත් ජනපදයට මරණය'' යන ප්‍රධාන සටන් පාඨය සමග ජනතාව බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය ඉදිරියට රැස්විය. 

තලේබාන් ප්‍රකාශක සබිහුල්ලා මුජාහිඩ් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, මෙය ඇෆ්ගන් ජාතියේ ගැලවීමේ සහ නිදහසේ දිනය බවයි.