ගෙවුණු දවස උණුසුම් කළ පුවත්

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්

by Staff writer 16-08-2022 | 6:15 AM

1. නොරොච්චෝලේ බිඳ වැටීම නිසා හෙට සිට විදුලි කප්පාදුව දීර්ඝ කෙරේ.. - නොරොච්චෝලේ පළමු ජනන යන්ත්‍රය බිඳවැටීම හේතුවෙන් අද (16) සිට විදුලි කප්පාදුව සුදුසු පරිදි දීර්ඝ කෙරෙන බව මහජන උපයෝගිතා කොමිසමේ(PUCSL) සභාපති ජනක රත්නායක මහතා පවසයි. 

2. ධානිෂ් අලිට ඇප… - රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වී එහි විකාශනවලට බාධා කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන ධානිෂ් අලි ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. 

3. නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන යන්ත්‍රයේ බිඳවැටීමක්.. - නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන යන්ත්‍රයේ බිඳවැටීමක් සිදුව තිබෙන බව ට්ව්ටර් පණිවුඩයක් නිකුත් කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

4. හරක් කටාගේ ගෝලයෙකු වන ‘කදිරා’ අත්අඩංගුවට.. - නඳුන් චින්තක හෙවත් 'හරක් කටා'ගේ ගෝලයෙකු වන ප්‍රබෝධ කුමාර හෙවත් ‘කදිරා’ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය. 

5. පේරාදෙණිය හා මහකුඹුක්කඩවල ප්‍රදේශවල පුද්ගල ඝාතන 2ක්.. -  පේරාදෙණිය හා මහකුඹුක්කඩවල ප්‍රදේශවලදී පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තිබේ.