හෙට සිට වී අලෙවි මණ්ඩලයෙන් වී මිලදීගෙන PMD සහල් වෙළෙඳපොළට

හෙට සිට වී අලෙවි මණ්ඩලයෙන් වී මිලදීගෙන PMD සහල් වෙළෙඳපොළට

හෙට සිට වී අලෙවි මණ්ඩලයෙන් වී මිලදීගෙන PMD සහල් වෙළෙඳපොළට

කර්තෘ Staff writer

16 Aug, 2022 | 5:42 pm

COLOMBO (News 1st) – වී අලෙවි මණ්ඩලය මගින් හෙට (17)  සිට වී මිලදී ගැනීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ ය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ, ඒ අනුව නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120 ක මිලකටත්, සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 125 කටත්, කීරී සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 130 ක මිලකටත් මිලදී ගැනීමට නියමිත බවයි.

 අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ, ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.

එසේ මිලදී ගන්නා වී සහල් බවට පත්කොට PMD සහල් නමින් වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]