යුනියන් පෙදෙස මහල් නිවාස සංකීර්ණයක ගින්නක්

යුනියන් පෙදෙස මහල් නිවාස සංකීර්ණයක ගින්නක්

යුනියන් පෙදෙස මහල් නිවාස සංකීර්ණයක ගින්නක්

කර්තෘ Staff writer

16 Aug, 2022 | 5:38 pm

COLOMBO (News 1st) – කොළඹ 02, යුනියන් පෙදෙස මහල් නිවාස සංකීර්ණයක 04 වන මහලේ නිවසක ගින්නක් හටගෙන තිබේ.

ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගින්න පාලනය සඳහා සේවා රථ 03 ක් පිටත් කර හැර ඇති බවයි.

මේ වන විට ගින්න බොහෝ සෙයින් පාලනය කර ඇති බව ද කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.

එම දෙපාර්තමේන්තුව තහවුරු කළේ, ගින්නෙන් කිසිවකුටත් අනතුරක් සිදුවී නොමැති බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]