පොලිස් ඇසට අසුවූ මැරයින් මෙල්ල කළ මෙහෙයුම..

පොලිස් ඇසට අසුවූ මැරයින් මෙල්ල කළ මෙහෙයුම..

පොලිස් ඇසට අසුවූ මැරයින් මෙල්ල කළ මෙහෙයුම..

කර්තෘ Hashini De Mel

16 Aug, 2022 | 5:46 pm

COLOMBO (News 1st) – පලා යාමට උත්සාහ කළ අපරාධකරුවන් පිරිසක් රැගත් ජිප් රථයකට වෙඩි තබා සැකකරුවන් 03 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කඩුවෙල පොලිස් ස්ථානාධිපතිවරයා සමත් විය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, කඩුවෙල පොලිස් ස්ථානාධිපතිවරයා කඩුවෙල රන්කඩුව දේවාලයේ පෙරහැරට සහභාගි වී ඊයේ (15) රාත්‍රී  11.00 ට පමණ ආපසු පැමිණෙමින් සිට ඇති බවයි.

එම අවස්ථාවේදී  පොලිස් ස්ථානාධිපතිවරයා කඩුවෙල නගර මධ්‍යයේ මාර්ගය අසල කඩු හා කිනිසි රැගෙන පිරිසක් සිටින අයුරු දැක තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, කඩුවෙල පොලිස් ස්ථානාධිපතිවරයා එම අවස්ථාවේ තමන් ගමන් ගත් පොලිස් මෝටර් රථය අදාළ ස්ථානයේ නගර කරනවාත් සමගම ජිප් රථයකට නැග සැකකරුවන් පලායාමට උත්සාහ කර ඇති බවයි.

පොලිස් ස්ථානාධිපතිවරයා එම අවස්ථාවේදී  සිය පිස්තෝලයෙන් සැකකරුවන් ගමන් ගත් ජිප් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

සැකකරුවන් මාර්ගයේ ඉදිරියට පලා ගොස් ජීප් රථය නවතා පලායාමට උත්සාහ කිරීමේදී ඔවුන්ගෙන් 03 දෙනෙකු අත්අඩංගුවට ගත් බවත්, එහිදී එක් සැකකරුවෙකු පලාගොස් ඇති බවත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

පොලීසිය ප්‍රකාශ කළේ, කොතලාවල ස්කෝලේවත්තේ රෝෂාන් නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට පහරදීම සඳහා මෙම සැකකරුවන් පැමිණ සිටි බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]