පසුගිය මාස 4 ට සාපේක්ෂව කොරෝනා ආසාදිතයින්ගේ වාර්තා වීම 10 ගුණයකින් ඉහළට – සෞඛ්‍ය අමාත්‍යාංශය

පසුගිය මාස 4 ට සාපේක්ෂව කොරෝනා ආසාදිතයින්ගේ වාර්තා වීම 10 ගුණයකින් ඉහළට – සෞඛ්‍ය අමාත්‍යාංශය

පසුගිය මාස 4 ට සාපේක්ෂව කොරෝනා ආසාදිතයින්ගේ වාර්තා වීම 10 ගුණයකින් ඉහළට – සෞඛ්‍ය අමාත්‍යාංශය

කර්තෘ Staff writer

16 Aug, 2022 | 11:09 am

COLOMBO (News 1st) – පසුගිය මාස 4 ට සාපේක්ෂව කොරෝනා ආසාදිතයින් වාර්තා වීම දස ගුණයකින් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි. 

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ, මේ තත්ත්වය තුළ සෞඛ්‍ය උපදෙස් දැඩිව පිළිපැදිය යුතු බවය. 

කොරෝනා ආසාදිතයින් 129 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 668,141ක් දක්වා ඉහළ ගොස් ඇත. 

කොරෝනා මරණ 3 ක් ඊයේ(15) වාර්තා වූ අතර සමස්ත මරණ සංඛ්‍යාව 16,624 කි.

කොරෝනා ආසාදිතව සිට සුවය ලැබූ සංඛ්‍යාව 650,166 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]