අද සිට පැය 3 ක විදුලිය කප්පාදුවක්..

අද සිට පැය 3 ක විදුලිය කප්පාදුවක්..

අද සිට පැය 3 ක විදුලිය කප්පාදුවක්..

කර්තෘ Staff writer

16 Aug, 2022 | 7:05 am

COLOMBO (News 1st) – අද (16) සිට ලබන 19 වැනි දා දක්වා විදුලිය කප්පාදු කරන කාල සීමාව පැය 3 ක් දක්වා දීර්ඝ කර තිබේ. 

ඒ, නොරොච්චෝලේ ලක් විජය බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය හදිසියේ අක්‍රීය වීම හේතුවෙනි.

ජනන යන්ත්‍රය අක්‍රිය වීම හේතුවෙන් ජාතික විදුලි බල පද්ධතියට අහිමිවන විදුලි ධාරිතාව මෙගාවොට් 270 කි.

මේ අතර නොරොච්චෝලේ ලක් විජය බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයේ ද අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු මේ දිනවල සිදු කෙරෙනු ඇත. 

ඒ හේතුවෙන් ජාතික විදුලි බල පද්ධතියට අහිමිවන විදුලි ධාරිතාව ද මෙගාවොට් 270 කි. 

නොරොච්චෝලේ ලක් විජය බලාගාරයේ ජනන යන්ත්‍ර දෙකක් එලෙස අක්‍රීයව පැවතීම හේතුවෙන් ජාතික විදුලි බල පද්ධතියට මෙගොවොට් 540 ක් අහිමිවන බව ලංකා විදුලි බල මණ්ඩලය පෙන්වා දෙයි.

ඒ අනුව A සිට L  දක්වා සහ P සිට W දක්වා කලාපවලට දිවා කාලයේ පැයයි මිනිත්තු 40 ක් සහ රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු 20 ක් ලෙස පැය 03 ක් විදුලිය කප්පාදු කිරීමට සිදු වන බව මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කළේ ය.

මේ අතර මේ දිනවල විදුලි උත්පාදනයෙන් 60% ක් ජල විදුලි බලාගාර ආශ්‍රිතව සිදු කරන බව ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]