පුද්ගල ඝාතන 2ක්..

පේරාදෙණිය හා මහකුඹුක්කඩවල ප්‍රදේශවල පුද්ගල ඝාතන 2ක්..

by Chathurika Jayasundara 15-08-2022 | 10:23 AM

COLOMBO (News 1st) –  පේරාදෙණිය හා මහකුඹුක්කඩවල ප්‍රදේශවලදී පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තිබේ. 

පොලීසිය පැවසුවේ, පේරාදෙණිය, පිලපිටිය ප්‍රදේශයේදී බහින්බස්වීමක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් පහරදී 47 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවය.

සිද්ධියෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවද පොලීසිය සඳහන් කළේ ය. 

පොලීසිය පැවසුවේ සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බවය.

මහකුඹුක්කඩවල ප්‍රදේශයේදී පොල්ලකින් පහරදී 56 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. 

පොලීසිය පැවසුවේ, පැවැති මත්පැන් සාදයකදී බහින්බස්වීමක් දුරදිග යාමෙන් ඝාතනය සිදුව ඇති බවයි.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කළේ ය. 

මේ අතර ගම්පොල මොරගොල්ල ප්‍රදේශයේ මහවැලි ගඟේ පාවෙමින් තිබී කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබේ. 

පොලිසිය පැවසුවේ, මාලිම්බඩ ප්‍රදේශයේද තිබී මීට පෙර අතුරුදන්ව සිටි 22 හැවිරිදි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගෙන ඇති බවයි.