හෙට සිට විදුලි කප්පාදුව දීර්ඝ කෙරේ..

නොරොච්චෝලේ බිඳ වැටීම නිසා හෙට සිට විදුලි කප්පාදුව දීර්ඝ කෙරේ..

by Staff writer 15-08-2022 | 12:41 PM

COLOMBO (News 1st) – නොරොච්චෝලේ පළමු ජනන යන්ත්‍රය බිඳවැටීම හේතුවෙන් හෙට (16) සිට විදුලි කප්පාදුව සුදුසු පරිදි දීර්ඝ කෙරෙන බව මහජන උපයෝගිතා කොමිසමේ(PUCSL) සභාපති ජනක රත්නායක මහතා පවසයි. 

බිඳවැටුණු ජනන යන්ත්‍රය අලුත්වැඩියාවට ආසන්න වශයෙන් දින 14 සිට 16 දක්වා ගත වනු ඇති බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේය. 

අද (15) දින පැය 1යි විනාඩි 20 ක කාලයක් විදුලිය විසන්ධි කරනු ඇති.