ඩෝනියර් 228 සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානය කටුනායකට

ඉන්දියාවෙන් ලංකාවට තෑගි දෙන ඩෝනියර් 228 සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානය කටුනායකට

by Staff writer 15-08-2022 | 1:14 PM
COLOMBO (News 1st) – ඉන්දීය රජයෙන් මෙරටට ප්‍රදානය කළ එරට නාවික හමුදාවට අයත් ඩෝනියර් 228 සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානය මේ වනවිට කටුනායක ගුවන් තොටුපොළට ගොඩබස්වා තිබේ. 2018 වසරේ නව දිල්ලි නුවරදී දෙරටේ ආරක්ෂාව පිළිබඳව පැවති සාකච්ඡාවකදී ශ්‍රී ලංකාව කළ ඉල්ලීමකට අනුව මෙම යානාව ආරම්භක වසර දෙක සඳහා නොමිලේ ලබා දීමට ඉන්දියාව එකඟවී තිබුණි. අදාළ ගුවන් යානය දෙවසරකට නොමිලේ ලබා දෙන්නේ, නව ගුවන් යානයක් නිෂ්පාදනය කිරීම සඳහා වසර දෙකක පමණ කාලයක් ගත වන බැවින් ය. මෙම සමුද්‍ර නිරීක්ෂණ ගුවන් යානය ශ්‍රී ලංකා මුහුද ආශ්‍රිතව ඔත්තු බැලීම් සහ මුදාගැනීමේ කටයුතුවලට දායක වනු ඇති.