ඩෝනියර් 228 සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානයක් ඉන්දියාවෙන් අද මෙරටට ලබාදෙයි..

ඩෝනියර් 228 සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානයක් ඉන්දියාවෙන් අද මෙරටට ලබාදෙයි..

ඩෝනියර් 228 සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානයක් ඉන්දියාවෙන් අද මෙරටට ලබාදෙයි..

කර්තෘ Staff writer

15 Aug, 2022 | 8:38 am

COLOMBO (News 1st) – ඉන්දීය නාවික හමුදාවට අයත් ඩෝනියර් 228 සමුද්‍රීය නිරික්ෂණ ගුවන් යානයක් අද(15) දිනයේ මෙරටට ලබාදීමට නියමිතව තිබේ. 

ඒ, අදට යෙදී ඇති ඉන්දීය නිදහස් දිනයට සමගාමීවයි.

ඉන්දීය රජය මගින් ශ්‍රී ලංකා රජය වෙත එවැනි යාත්‍රා 3ක් ලබාදීමට නියමිත අතර මෙය එහි පළමු යානාව වේ.

2018 වසරේ නව දිල්ලි නුවරදී දෙරටේ ආරක්ෂාව පිළිබඳව පැවති සාකච්ඡාවකදී ශ්‍රී ලංකාව කළ ඉල්ලීමකට අනුව 
මෙම යානාව ආරම්භක වසර දෙක සඳහා නොමිලේ ලබා දීමට ඉන්දියාව එකඟ වී තිබුණි. 

අදාළ ගුවන් යානය දෙවසරකට නොමිලේ ලබා දෙන්නේ, නව ගුවන් යානයක් නිෂ්පාදනය කිරීම සඳහා වසර දෙකක පමණ කාලයක් ගත වන බැවින් ය.

මෙම යානය ලබාදීමෙන් අනතුරුව ඉන්දීය තාක්ෂණික නිලධාරීන් පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණෙන බව ද මීට අදාළව පසුගිය මාර්තු මාසයේ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත්කර ඇති ලියකියවිලිවල සඳහන් වේ.

මෙම සමුද්‍ර නිරීක්ෂණ සහ ඔත්තු බැලීම් සහ මුදාගැනීම් ශ්‍රී ලංකා මුහුදේ සුවිශේෂී ආර්ථික කලාපය තුළ සහ ශ්‍රී ලංකා ගුවන් අවකාශය තුළ සිදු කිරීමට නියමිතය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]