වසරේ මේ දක්වා කාලය තුළ ලාදුරු රෝගීන් 387ක්

වසරේ මේ දක්වා කාලය තුළ ලාදුරු රෝගීන් 387ක් - ජාතික ලාදුරු මර්දන ඒකකය

by Staff writer 14-08-2022 | 8:10 AM

COLOMBO (News 1st) - වසරේ මේ දක්වා කාලය තුළ ලාදුරු රෝගීන් 387 දෙනෙකු වාර්තා වී ඇතැයි ජාතික ලාදුරු මර්දන ඒකකය පවසයි.

එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය, ප්‍රසාද් රණවීර මහතා සඳහන් කළේ වසරකට රෝගීන් 2000 ක් පමණ වාර්තා වන බවයි.

ලාදුරු විෂබීජ ශරීරගත වී රෝග ලක්ෂණ  පහළවීමට වසර 5 ක ආසන්න කාලයක් ගත වන බව ප්‍රසාද් රණවීර මහතා අදහස් දක්වමින් කියා සිටියේ ය.

මෙරට ලාදුරු රෝගය තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කර තිබේ.