රුපියල් 250කට තෙල් ලීටරයක් දෙන්න පුළුවන්ද?

රුපියල් 250කට තෙල් ලීටරයක් දෙන්න පුළුවන්ද? - PUCSL සභාපතිගේ ප්‍රකාශය ගැන විගණන විමර්ශනයක්

by Staff writer 14-08-2022 | 3:13 PM

COLOMBO (News 1st) – රුපියල් 250ක පමණ මුදලකට ඉන්ධන ලීටරයක් ලබාදීමට හැකියාව පවතින බව මහජන උපයෝගිතා කොමිසමේ(PUCSL) සභාපති ජනක රත්නායක මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය විමර්ශනයක් ආරම්භ කර තිබේ. 

විගණාකාධිපති ඩබ්.පී.සී. වික්‍රමරත්න මහතා සඳහන් කළේ, පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සිදුකළ නිර්දේශයක් අනුව මෙම විමර්ශනය සිදු කරන බවය.

පසුගියදා මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයින් කෝප් කමිටුව හමුවට කැඳවා තිබූ අවස්ථාවේදී මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා කියා සිටියේ සියලු බදු ‍එක් කර ඉන්ධන ලීටරයක් රුපියල් 250ක් වැනි මුදලකට ලබාදීමේ හැකියාව ඇති බවය.

ඉන්ධන මිල පිළිබඳව ජාතික විගණන කාර්යාලය සිදුකළ විගණනයේ වාර්තාව වැඩිදුර කරුණු විමසීම සඳහා බලශක්ති අමාත්‍යාංශයට සහ ඛනිජ තෙල් නිතිගත සංස්ථාවට මේ වන විට යොමු කර තිබේ.