රිදීගම, මහයාය ඇලේ ගිලී පාසල් දරුවෙකු මරුට

රිදීගම, මහයාය ඇලේ ගිලී පාසල් දරුවෙකු මරුට

by Staff writer 14-08-2022 | 8:15 AM

COLOMBO (News 1st) - රිදීගම, ඕගොඩපොල මහයාය ඇලේ ගිලී පාසල් සිසුවෙකු මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, ළමුන් පිරිසක් සමග දියනාමින් සිටියදී එම සිසුවා මෙම අනතුරට ලක්ව ඇති බවයි.

දියේ ගිලි බරපතල තත්ත්වයේ පසු වූ  ඔහු ගෝනියාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ 16 හැවිරිදි පොල්ගොල්ල ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙකි.

මෙම සිසුන් පිරිස ක්‍රීඩා තරගයක් සඳහා ගොකරැල්ල ප්‍රදේශයේ පාසලකට ගොස්  නැවත ලොරි රථයකින් පැමිණෙමින් සිටියදී මෙම ඇලේ දියනෑමට ගොස් ඇතැයි පොලීසිය පවසයි.