ඇතෙකු සහ අලි දෙදෙනෙකුගේ සිරුරු හමුවෙයි

මිහින්තලයේදී ඇතෙකු සහ අලි දෙදෙනෙකුගේ සිරුරු හමුවෙයි

by Staff writer 14-08-2022 | 5:08 PM

COLOMBO (News 1st) – මිහින්තලය, පුදුක්කුලම කුඹුරු යායක තිබී මියගොස් සිටි වන අලි තිදෙනෙකුගේ සිරුරු අද(14) දහවල් සොයා ගැනිණි.

අප වාර්තාකරු සඳහන් කළේ, ඒ අතර ඇතෙකු ද සිටින බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඳහා එම ස්ථානයට වනජීවි නිලධාරින්, පශු වෛද්‍ය නිලධාරින් ඇතුළු පිරිසක් පැමිණීමට නියමිතව ඇතැයි අප වාර්තාකරු සඳහන් කළේ ය.