.webp)
COLOMBO (News 1st) – මිහින්තලය, පුදුක්කුලම කුඹුරු යායක තිබී මියගොස් සිටි වන අලි තිදෙනෙකුගේ සිරුරු අද(14) දහවල් සොයා ගැනිණි.
අප වාර්තාකරු සඳහන් කළේ, ඒ අතර ඇතෙකු ද සිටින බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඳහා එම ස්ථානයට වනජීවි නිලධාරින්, පශු වෛද්‍ය නිලධාරින් ඇතුළු පිරිසක් පැමිණීමට නියමිතව ඇතැයි අප වාර්තාකරු සඳහන් කළේ ය.