බොර‌තෙල් රැගත් ‌නෞකාවක් දිවයිනට

බොර‌තෙල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් රැගත් ‌නෞකාවක් දිවයිනට

by Staff writer 14-08-2022 | 8:03 AM

COLOMBO (News 1st) - බොරතෙල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් රැගත් තවත් නෞකාවක් දිවයිනට ළඟා වී තිබේ.

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ, එහි සාම්පල පරීක්ෂාව අද (14)  සිදු කිරීමට නියමිත බවය.

මේ අතර බොරතෙල් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසි දහසක් රැගත් තවත් නෞකාවක් ලබන 23 හා 29  අතර කාලයේ දිවයිනට ළගා වීමට නියමිතව ඇත.

බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම බොරතෙල් නෞකා රුසියාවේ සිට ආනයනය කළ බවයි.

ලබන සතියේ මැද භාගය වන විට සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු යළි ආරම්භ කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.