පාසල් ළමුන් ප්‍රවාහනයට හෙට සිට වැඩිපුර බස් රථ..

පාසල් ළමුන් ප්‍රවාහනයට හෙට සිට වැඩිපුර බස් රථ..

by Staff writer 14-08-2022 | 6:27 PM

COLOMBO (News 1st) – හෙට(15) සිට පාසල් ළමුන් ප්‍රවාහන සඳහා සියලු 'සිසු සැරිය' බස් රථ ඇතුළු නියමිත කාලසටහන් යටතේ, බස් රථ ධාවනයට පියවර ගන්නා බව, ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. 

එම මණ්ඩලය සඳහන් කළේ, සිසු සැරිය බස් රථ 741ක් සේවා සඳහා යොදවන බවයි.

කිසිදු බාධාවකින් තොරව, සිසුන්ට පාසල් වෙත ගමන් කිරීමට අවශ්‍ය බස් රථ සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි යෙදෙවෙන බවද, ලංකා ගමනාගමන මණ්ඩලය පැවසුවේ ය.

මේ අතර, හෙට සිට 90% ත් 95% ත් අතර බස් රථ සංඛ්‍යාවක් ධාවනයට එක්කෙරෙන බව, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. 

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, පාසල් ළමුන් ප්‍රවාහනය සඳහා ද අවශ්‍ය තරම් බස් රථ යෙදෙවෙන බවයි.

කෙසේ වෙතත්, සමස්ත ලංකා පාසල් වෑන් රථ සංගමයේ සභාපති මල්ශ්‍රී සිල්වා මහතා සඳහන් කළේ, පාසල් සේවා පවත්වාගෙන යාම සඳහා ඉන්ධන ප්‍රමාණවත් නොමැති බවයි.