පාර්ලිමේන්තුවේ නැති පක්ෂවලට මැ.කොමිසමෙන් කැඳවීමක්

පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂවලට මැතිවරණ කොමිසමෙන් කැඳවීමක්

by Staff writer 14-08-2022 | 3:17 PM

COLOMBO (News 1st) – පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ කැඳවීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.

එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, ලබන 23 වැනිදා දැනට පාර්ලිමේන්තුව නියොජනය නොකරන දේශපාලන පක්ෂවල මහලේකම්වරුන්ට සහ නියෝජිතයින්ට මැතිවරණ කොමිසමට පැමිණෙන්නැයි දැනුම් දී ඇති බවයි.

දැනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති මැතිවරණ නීති සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ යෝජනා පිළිබඳව දේශපාලන පක්ෂවල අදහස් විමසීමේ අරමුණින් සහ එම යෝජනා ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළක් පිළිබඳව සාකච්ජා කිරීමේ අරමුණින් මෙම සාකච්ජාව කැඳවා තිබේ.

මේ වනවිට පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ සංඛ්‍යාව 50කට ආසන්නයි.

මැතිවරණ නීති සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු ‍විශේෂ කාරක සභාවේ යෝජනා සම්බන්ධයෙන් පසුගියදා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ 15 වේ නියෝජිතයින් සමග මැතිවරණ කොමිසම සාකච්ජාවක් සිදු කළේ ය.