සඳුදා සිට සතියේ දින 5 ම පාසල් පවත්වයි

සඳුදා සිට සතියේ දින 5 ම පාසල් පැවැත්වීමට තීරණයක්

by Staff writer 13-08-2022 | 2:08 PM

COLOMBO (News 1st) - රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් අගෝස්තු 15 වන සඳුදා දින සිට සතියේ දින පහම පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ, ඉදිරි තෙමස තුළ විෂය සමගාමී සහ විෂය බාහිර ක්‍රියාකාරකම් පාසල් කාලයෙන් පරිබාහිරව කිරීමටත් පාසල්වල පැවැත්වෙන උත්සව තවදුරටත් සීමා කරන ලෙසය.