බ්‍රිතාන්‍ය ලේඛක සල්මාන් රෂ්ඩිගේ තත්ත්වය බරපතලයි

නිව්යෝක්හිදී පිහි ඇනුමට ලක් වූ බ්‍රිතාන්‍ය ලේඛක සල්මාන් රෂ්ඩිගේ තත්ත්වය බරපතලයි

by Staff writer 13-08-2022 | 9:33 AM

(News 1st) - අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී පිහි ඇනුමකට ලක් වූ බ්‍රිතාන්‍ය ලේඛක සල්මාන් රෂ්ඩිගේ තත්ත්වය බරපතල බව ඔහුගේ නියෝජිතයෙකු පවසයි.

එම නියෝජිතයා පැවසුවේ, රෂ්ඩි මේ වනවිට ස්වසන යන්ත්‍රයක් ආධාරයෙන් ප්‍රතිකාර ලබන අතර කතා කිරීමට ද නොහැකි බවය.

රෂ්ඩිගේ ගෙල හා උදර ප්‍රදේශවලට පිහි ඇනුමෙන් බරපතල තුවාල සිදුව තිබේ.

රෂ්ඩිගේ එක් ඇසක් අහිමි වනු ඇති බව ද ඔහුගේ නියෝජිතයා ප්‍රකාශ කළේ ය.

බ්‍රිතාන්‍ය ලේඛක සල්මාන් රෂ්ඩි විසින් 1988 වසරේදී රචනා කළ ද සැටනික් වර්සස් කෘතිය හේතුවෙන් ඔහුට වසර ගණනාවක සිට ඉස්ලාමීය සංවිධානවලින් මරණ තර්ජන එල්ල වෙමින් තිබුණි.

24 හැවිරිදි හාදි මතාර් නැමැති පිහි ඇනුම සිදු කළ පුද්ගලයා අමෙරිකාවේ නිව්ජර්සි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

කෙසේවෙතත් රෂ්ඩිට එල්ල වූ ප්‍රහාරය පිළිබඳ වගකීම මෙතෙක් කිසිදු සංවිධානයක් විසින් භාරගෙන නැත.