කෙරෝනා මරණ සංඛ්‍යාවේ යළි වැඩිවීමක්

දෛනිකව වාර්තාවන කෙරෝනා මරණ සංඛ්‍යාවේ යළි වැඩිවීමක් - යළිත් සෞඛ්‍ය පුරුදු දැඩිව අනුගමනය කරන්නැයි උපදෙස්

by Staff writer 13-08-2022 | 7:43 AM

COLOMBO (News 1st) - යළිත් දෛනිකව වාර්තාවන කෙරෝනා අසාදිතයින්ගේ මරණ සංඛ්‍යාවේ වැඩිවීමක් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

එහි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවසුවේ, යළිත් දැඩිව සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම ඉතාම වැදගත් වන බවය.

කොරෝනා ආසාදිතව තවත් පුද්ගලයින් 09 දෙනෙකු මිය ගොස් තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ පස්වරුවේ නිවේදනය කළේ, එම මරණ සියල්ලම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා තහවුරු කළ බවයි. 

මිය ගිය අය අතරින් 06 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර 03 දෙනෙකු කාන්තාවන් ය.

කොරෝනා ආසාදිතයින් 162 දෙනෙකු ඊයේ හඳුනා ගෙන තිබේ. 

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 667,735 කි.

කොරෝනා ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 650,159 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.