පැය 24ක් තුළ රිය අනතුරුවලින් 5ක් මරුට

ගත වූ පැය 24 තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 5ක් මරුට

by Staff writer 13-08-2022 | 10:27 AM

COLOMBO (News 1st) - ගත වූ පැය 24 තුළ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, කහවත්ත, කුලියාපටිය, ගම්පොළ, ආරච්චිකට්ටුව හා නිට්ටඹුව යන ප්‍රදේශවල අනතුරු සිදුව ඇති බවයි.

එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 24, 66, 27, 20 හා 47 යන වයස්වල පසුවන පුද්ගලයින් පස් දෙනෙකි.

රියැදුරන්ගේ අපරික්ෂාකාරි රිය ධාවනය බොහෝ අනතුරවලට හේතු වී තිබේ.