මහ බැංකුවෙන් 17 දෙනෙකුගෙන් සමන්විත නව උපදේශන කමිටුවක්

මහ බැංකුවෙන් 17 දෙනෙකුගෙන් සමන්විත නව උපදේශන කමිටුවක්

මහ බැංකුවෙන් 17 දෙනෙකුගෙන් සමන්විත නව උපදේශන කමිටුවක්

කර්තෘ Staff writer

13 Aug, 2022 | 1:59 pm

COLOMBO (News 1st) – මහ බැංකුවේ මෙතෙක් ක්‍රියාත්මක වූ මුදල් ප්‍රතිපත්ති උපදේශන කමිටුව සහ මූල්‍ය පද්ධති ස්ථායිතා උපදේශන කමිටුව ප්‍රතිස්ථාපනය කරමින් පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්ව කමිටුව ස්ථාපිත කර තිබේ.

ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් සමග සිය සබඳතාව පුළුල් කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.

පාර්ශවකරුවන්ගේ සහභාගීත්ව කමිටුවේ සභාපතිවරයා ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ, ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා කටයුතු කරනු ඇත.

මහ බැංකුව සඳහන් කළේ, පෞද්ගලික අංශයේ සහ අධ්‍යාපනික ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් 17 දෙනෙකු එහි සෙසු සාමාජිකයින් ලෙස කටයුතු කරන බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]