තෙල් තියෙන පිරවුම්හල් ගැන දැන ගන්න අලුත් App එකක්

තෙල් තියෙන පිරවුම්හල් ගැන දැන ගන්න අලුත් App එකක්

තෙල් තියෙන පිරවුම්හල් ගැන දැන ගන්න අලුත් App එකක්

කර්තෘ Staff writer

13 Aug, 2022 | 12:03 pm

COLOMBO (News 1st) – ඉන්ධන තිබෙන පිරවුම්හල් පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා නව යෙදවුමක් (App) හඳුන්වා දෙන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනය පවසයි.

එහි සභාපති ජයන්ත ද සිල්වා මහතා සඳහන් කළේ, ඒ හරහා දිවයිනේ ඕනෑම ප්‍රදේශයක ඉන්ධන තිබෙන පිරවුම්හල් පිළිබඳ තොරතුරු ලබාගත හැකි බවය.

දිනය තුළ ඉන්ධන පැමිණීමට නියමිතව ඇති පිරවුම්හල් ද එම නව යෙදවුම හරහා දැනගත හැකි වේ.

ඒ අනුව QR කේත ක්‍රමය යටතේ තමා පදිංචි ප්‍රදේශයේ පිහිටි ඕනෑම ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ලබා ගැනීමේ අවස්ථාව හිමි වන බව ජයන්ත ද සිල්වා මහතා සඳහන් කළේ ය.

ඔහු පැවසුවේ, ඉදිරියේදී අදාල යෙදවුම (App) ජනතාවට හඳුන්වා දෙන බවයි.

ඊට අමතරව දිවයිනේ විවිධ ප්‍රදේශවලට විනෝද චාරිකා සඳහා ගමන් කිරීමේදී එම ප්‍රදේශවල පිහිටි පිරවුම්හලකින් ඉන්ධන ලබාගත හැකි පරිදි නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට නියමිත බව ද ජයන්ත ද සිල්වා මහතා සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]