තමන්ට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයන් තනි තනිව ආනයනය කර භාවිත කිරීමට අවස්ථාව දෙන පනත් කෙටුම්පත ගැසට් කෙරේ

තමන්ට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයන් තනි තනිව ආනයනය කර භාවිත කිරීමට අවස්ථාව දෙන පනත් කෙටුම්පත ගැසට් කෙරේ

තමන්ට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයන් තනි තනිව ආනයනය කර භාවිත කිරීමට අවස්ථාව දෙන පනත් කෙටුම්පත ගැසට් කෙරේ

කර්තෘ Staff writer

13 Aug, 2022 | 1:45 pm

COLOMBO (News 1st) – ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කර තිබේ.

එමගින් සඳහන් කර ඇත්තේ, ආර්ථිකයේ තෝරාගත් විශේෂිත ක්ෂේත්‍රවලට තමන්ට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයන් තනි තනිව ආනයනය කර භාවිත කළ හැකි බවයි.

ඛනිජ තෙල් ආනයන සඳහා විධිමත් පිරිදි හඳුනා ගනු ලබන පාර්ශවයන්ට බලපත්‍රයක් ලබාදීම මෙහිදී සිදු කරනු ලබයි.

අදාල පනත සංශෝධනයට පසුගිය අප්‍රේල් 25 වැනිදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.

ඒ අනුව අදාල පනත් කෙටුම්පත ඉදිරියේදී පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට නියමිතය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]