.webp)
පෙත්සම් ගොනු කර තිබුණේ, නීතිඥ නාමිණී පණ්ඩිත සහ රුසිරු එගොඩගේ ඇතුළු පාර්ශවකරුවන් තුන්දෙනෙකි.
හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක වීම වළක්වන අතුරු තහනම් නියෝගයක් මේ අවස්ථාවේදී නිකුත් නොකරන බව ද ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියේ ය.
අදාල හදිසි නීති රෙගුලාසිවල අඩංගු කරුණු සම්බන්ධයෙන් නැවත සලකා බලා සංශෝධනය කළ යුතු රෙගුලාසි සම්බන්ධයෙන් සති දෙකකදී අධිකරණයට දැනුම් දෙන ලෙසට නීතිපතිවරයාට අද(12) නියම කෙරිණි.
පෙත්සම් විභාගය ඔක්තෝබර් මස 28 වැනි දා ආරම්භ කිරීමට නියමිතයි.