උ/පෙළ සිසුන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

මෙවර උ/පෙළ සිසුන්ට 80% පැමිණීම නොසළකා හැරේ - අධ්‍යාපන අමාත්‍යාංශය

by Staff writer 12-08-2022 | 3:47 PM

COLOMBO (News 1st) - 2022 දෙසැම්බර් මස පැවැත්වෙන අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට සහභාගී වන සිසුන් සඳහා 80% පාසල් පැමිණීමේ අවශ්‍යතාවය සලකා නොබලන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, රටේ පැවති කොරෝනා ව්‍යසනය, ප්‍රවාහන අපහසුතා, ඉන්ධන අර්බුදය හේතුවෙන් එම තීරණය ගත් බවය. 

මේ අතර පාසල් සිසුන් සඳහා දිවා ආහාරය ලබාදීමේ වැඩසටහනේ, එක් සිසුවෙකුගේ දිවා ආහාරය ලබාදීමට වෙන් කළ රුපියල් 30ක මුදල රුපියල් 60 දක්වා වැඩි කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

2019/2020 අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා අයැදුම්පත් කැඳවීමේ අවසන් දිනය ද දීර්ඝ කර තිබේ. 

ඒ, ලබන 19 වැනි දා දක්වායි.

ඒ සඳහා අයැදුම්පත් කැඳවීමේ අවසන් දිනය අදින් අවසන් බව මීට පෙර ප්‍රකාශයට පත් කර තිබුණි.