.webp)
මේ වැඩසටහන පිළිබඳව අද පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව කැඳ වූ මාධ්‍ය හමුවකදී අදහස් පළ විය.
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක,
ජාතික හැඳුනුම්පත ලබා ගැනීම සඳහා දැනට භාවිත කරන්නේ ජීව දත්ත පමණයි. ජීව දත්තවලට අපි එකතු කරන්න ඕනා ජීවමිතික දත්ත. උදාහරණයක් හැටියට අපි ඇඟිලි සලකුණු, ලේ පිළිබඳ විග්රහ වෙන්න පුළුවන් මුහුනේ ප්‍රතිබිම්බ ඊළඟට අයිරිෂ්. මෙන්න මේ වගේ ඒවා තමයි අපි ජීවමිතික දත්ත හැටියට හඳුන්වන්නේ. ඉදිරියේදී ඇත්තටම අපි අර ජීවදත්තවලට අපි මේ ජීවමිතික දත්තත් එකතු කරලා ජාතික හැඳුනුම්පත නිකුත් කිරීම අපි ආරම්භ කරනවා. දැනට ඒක ඉන්දියානු ආධාරයක් යටතේ දැන් ඒ ව්යාපවෘතිය සියල්ල සැලසුම් කරලා දැන් සැපයුම්කරුවන් තෝරා ගැනීමේ අවස්ථාව තියෙනවා. එතකොට ඔබ මම අපි සියලු දෙනා මේ නැවත ලියාපදිංචි කිරීමට ලක් කළ යුතුයි.
ඉන්දියාවත් එක්ක අලුතින් හදන්න යන හැඳුනුම්පත මොකක්ද?ඉන්දියාවත් එක්ක අලුතින් හදන්න යන හැඳුනුම්පත මොකක්ද? #lka #SriLanka #SLnews #AIC
Posted by Newsfirst.lk on Friday, August 12, 2022