අනුරාධපුර රෝහලේ බරපතල ඖෂධ හිඟයක්

අනුරාධපුර රෝහලේ බරපතල ඖෂධ හිඟයක්

by Staff writer 12-08-2022 | 8:24 PM

COLOMBO (News 1st) - අනුරාධපුර ශික්ෂණ රෝහලේ මේ වනවිට බරපතල ඖෂධ හිඟයක් ඇතැයි වාර්තා වේ.

සායන සඳහා පැමිණෙන රෝගීන්ට වෛද්‍යවරුන් නිර්දේශ කරන ඖෂධවලින් බොහෝ ප්‍රමාණයක් මේ වනවිට රෝහලෙන් නිකුත් නොකරන බව රෝගීන් පැවසීය.

බෙහෝවිට රජයේ රෝහල වෙත පැමිණෙන්නේ මුදල් වියදම් කර බෙහෙත්ගත නොහැකි දුප්පත් ජනතාවයි.

රටේ පවතින ඖෂධ හිඟය හේතුවෙන් පෞද්ගලික ඔසුසලකින්පවා ඇතැම් බෙහෙත් මිලදී ගැනීමට නොහැකි වූ අය ද අපට හමුවිය.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රධාන ජීවිත ආරක්ෂක ඖෂධ පවා මේ වනවිට නොමැති බව වෛද්‍යවරු පෙන්වා දෙති.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ කාර්ය භාර්ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ශෂික විතානගේ,
 
ජනතාවගේ ජීවිත මේ වෙනකොට බරපතල තර්ජනයකට ලක්වෙලා තියෙනවා. ජීවිත සුරක්ෂිතතාවය බරපතල තර්ජනයකට ලක්වෙලා තියෙන්නේ මේ හරහා. මේ කතා කරන මට වුණත් මේ වෙලාවේ හෘදයාබාධයක් හැදුනොත් අවශ්‍ය රුධිර පීඩනය පවත්වාගෙන යන්න අවශ්‍ය වන අයිනඩ්‍රෝප්ස් මේ වෙනකොටත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ සතුව නැහැ. 

පවතින ඖෂධ හිඟය හමුවේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ ශල්‍යකර්ම සිදු කිරීමට ද බාධා මතුව ඇති බව සඳහන් ය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය අජන්ත රාජකරුණා,

දැඩි සත්කාර ඒකකවල විශාල ඖෂධ හිඟයක් පවතිනවා. ජීවිතාරක්ෂක ඖෂධවල විශාල හිඟයක් පවතිනවා. එතකොට සැලසුම් කරන ලද ශල්‍යකර්ම සිදු කළොත් හදිසි ශල්‍යකර්ම සිදු කිරීමේ නොහැකි තත්ත්වයක් පත්වෙලා. සුළු ප්‍රමාණවලින් හරි මධ්‍යම ඖෂධ ගබඩාවට ලැබෙන ඖෂධ අපිට ගෙන්වා ගැනීමේ ගැටලුවක් තියෙනවා. අපේ ඖෂධ ප්‍රවාහන ලොරි රථවලට මේ වෙනකොට ඉන්ධන ලබාගැනීමේ ක්‍රමවේදයක් නැහැ. නැති ඖෂධවල ලිස්ට් එක දෙනවට වඩා ලේසියි තියෙන ඖෂධවල ලිස්ට් එක දෙන එක. ඒ තරමට ඖෂධවල හිඟයක් පවතිනවා.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක, වෛද්‍ය දුලාන් සමරවීර,

මුළු දිවයිනටම බලපාන විදිහට සමස්ත වශයෙන් ඖෂධ යම් ප්‍රමාණයක අඩුවක් තියෙනවා. ඒ අඩුව අපේ රෝහලටත් බලපාල තියනවා.

මේ අතර කොළඹ ජාතික රෝහලට පැමිණි රෝගීන් ද ප්‍රකාශ කළේ, තමන්ට ද රෝහලෙන් නියම කරන ඖෂධවලින් වැඩි ප්‍රමාණයක් පෞද්ගලික ඔසුසල්වලින් මිලදී ගැනීමට සිදුව ඇති බවයි.

 
ඖෂධ හිඟයෙන් දුක් විඳින මිනිස්සු

?ඖෂධ හිඟයෙන් දුක් විඳින මිනිස්සු ?''ම‌ගේ දුව බේරලා දෙන්න. මගේ ගෙදර මිණි පහන බේරලා දෙන්න '' #lka #SriLanka #SLnews

Posted by Newsfirst.lk on Friday, August 12, 2022