හදිසි නීතිය: මූලික අයිතිවාසිකම් පෙත්සම් 3 ක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර

හදිසි නීතිය: මූලික අයිතිවාසිකම් පෙත්සම් 3 ක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර

හදිසි නීතිය: මූලික අයිතිවාසිකම් පෙත්සම් 3 ක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර

කර්තෘ Staff writer

12 Aug, 2022 | 6:48 pm

COLOMBO (News 1st) – හදිසි නීති රෙගුලාසි පැනවීම මගින් මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බවට තීරණය කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 3 ක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) අවසර දී තිබේ.

පෙත්සම් ගොනු කර තිබුණේ, නීතිඥ නාමිණී පණ්ඩිත සහ රුසිරු එගොඩගේ ඇතුළු පාර්ශවකරුවන් තුන්දෙනෙකි.

හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක වීම වළක්වන අතුරු තහනම් නියෝගයක් මේ අවස්ථාවේදී නිකුත් නොකරන බව ද ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියේ ය.

අදාල හදිසි නීති රෙගුලාසිවල අඩංගු කරුණු සම්බන්ධයෙන් නැවත සලකා බලා සංශෝධනය කළ යුතු රෙගුලාසි සම්බන්ධයෙන් සති දෙකකදී අධිකරණයට දැනුම් දෙන ලෙසට නීතිපතිවරයාට අද(12) නියම කෙරිණි.

පෙත්සම් විභාගය ඔක්තෝබර් මස 28 වැනි දා ආරම්භ කිරීමට නියමිතයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]