ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීමට තීරණය කළ ස්කොට්ලන්ත තරුණියගෙන් අධිකරණයට පෙත්සමක්..

ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීමට තීරණය කළ ස්කොට්ලන්ත තරුණියගෙන් අධිකරණයට පෙත්සමක්..

ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීමට තීරණය කළ ස්කොට්ලන්ත තරුණියගෙන් අධිකරණයට පෙත්සමක්..

කර්තෘ Staff writer

12 Aug, 2022 | 4:30 pm

COLOMBO (News 1st); තමා ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා, ස්කොට්ලන්ත ජාතික කාන්තාවක වන කේලි ෆ්‍රීසන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කළේ ය. 

එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ, ආගමන හා විගමන පාලකවරයා සහ නීතිපතිවරයායි. 

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා මගින් පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

පෙත්සම්කාරිය කියා සිටින්නේ, තමා ගාලු මුවදොර පැවැති ගෝඨාගෝගම අරගලයට ක්‍රියාකාරිව සහභාගි වූ බවයි. 

පසුව ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව සිය වීසා බලපත්‍රය අත්තනෝමතික ලෙස අවලංගු කිරීමට කටයුතු කළ බව ඇය පෙත්සම මගින් පෙන්වා දී තිබේ. 

කිසිදු සාධාරණ පදනමක් නොමැතිව ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව ගනු ලැබූ තීරණය නීති විරෝධී යැයි තීන්දු කොට, එය බල රහිත කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කාරිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]