ලෝක අලි සුරක්ෂිතතා දිනය අදයි

ලෝක අලි සුරක්ෂිතතා දිනය අදයි

ලෝක අලි සුරක්ෂිතතා දිනය අදයි

කර්තෘ Staff writer

12 Aug, 2022 | 7:34 am

COLOMBO (News 1st) – ලෝක අලි සුරක්ෂිතතා දිනය අදට යෙදී ඇත.

වසර දහස් ගණනක් තිස්සේ අලි ඇතුන්ගේ නිජබිමක් වූ ශ්‍රී ලංකාවට මෙම දිනය අතිශය වැදගත් වන්නේ, මේ වනවිට දැඩි අර්බුදයකට ලක්ව ඇති අලි-මිනිස් ගැටුමකට තිරසර විසඳුමක අවශ්‍යතාව දැඩිව පැනනැගීම හේතුවෙනි.

සමීක්ෂණවලට අනුව මෙරට සමස්ථ අලි ගහණය 6,000කට ආසන්න වන අතර ඉන් 5 %ක් ඇතුන් ලෙසට ගණන් බලා තිබේ.

කෙසේ වෙතත් මේ වනවිට වාර්ෂිකව අලි-මිනිස් ගැටුම් හේතුවෙන් වන අලි 300 ක් පමණ මියයන අතර අහිමිවන මිනිස් ජීවිත සංඛ්‍යාව 100 කට අධිකයි.

වන අලි පිළිබඳ මෙරට ප්‍රමුඛ පර්යේෂකයෙකු වන ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු මහතා පැවසුවේ, ගැටලුව නිසි පරිදි හඳුනා නොගැනීම හේතුවෙන් වන අලි දැඩි ආහාර අර්බුදයකට මුහුණ දී ඇති බවයි.

ප්‍රජා පාදක විදුලි වැට ක්‍රමය ක්‍රියාත්මක කිරීම මෙම තත්ත්වයට යම් විසඳුමක් ලබාදිය හැකි බව ද ආචාර්ය පෘථීවිරාජ් ප්‍රනාන්දු මහතා පවසයි.

උණුසුම් පුවත්

අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]