English
தமிழ்
කර්තෘ Staff writer
12 Aug, 2022 | 8:00 pm
ඊයේ ශ්‍රී ලංකාවෙන් බැහැරට ගමන් කරමින් තිබූ යුවාන් වැන්ග් 5 චීන අධිතාක්ෂණික පර්යේෂණ හා නිරීක්ෂණ නෞකාව මේ වනවිට ආපසු හරවා ශ්‍රී ලංකාව දෙසට යාත්‍රා කරමින් තිබෙන අයුරු නිරීක්ෂණය කළ හැකියි.
නමුත් නැව මුහුණලා තියෙන්නේ ශ්‍රී ලංකාවට නැගෙනහිරින් වූ බෙංගාල බොක්ක ප්‍රදේශයටයි.
නැව අද පස්වරුව වනවිට සී ඔෆ් ශ්‍රී ලංකා හෙවත් ශ්‍රී ලංකා මුහුදේ හම්බන්තොට වරායේ සිට නාවික සැතපුම් 589 ක දුරින් වූ ගිණිකොන දිසාවෙන් යාත්‍රා කරමින් තිබුණි.
ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායට මුහුණලා පැමිණි යුවැන් වැන්ග් 5 පෙරේදා රාත්‍රීයේ සිට සිය ගමන් මගේ වෙනසක් සිදු කළ අතර පසුව ඉතා අඩු වේගයකින් නයින්ටිඊස්ට් රිඩ්ජ් කදු පන්තිය මතුපිටින් ඉහළ පහළ යන ආකාරය දක්නට ලැබුණි.
යුවාන් වෑන්ග් 5 නෞකාව ශ්‍රී ලංකාවට ආසන්නව පිහිටා ඇති – නයින්ටිඊස්ට් රිඩ්ජ් – ලෙස හැඳින්වෙන මුහුදු පත්ලේ ඇති කඳු පන්තිය මතුපිටින් යාත්‍රා කරන ආකාරය ඒ.අයි.එස් දත්ත නිරීක්ෂණය කිරීමේදී දැකගත හැකියි.
අද පස්වරුව වනවිට ඔවුන් යාත්‍රා කරමින් සිටින්නේ, හම්බන්තොටට ගිණිකොණ දෙසින් පැයට නාවික සැතපුම් 6 ක අවම වේගයක් තබා ගනිමිනි.
චීනය පසුගිය වසර දෙක තුළ ෂියැන්ග් යැන්ග් හොන්ග් නැමති චන්ද්‍රිකා ලුහුබැඳීම් සිදු කරන නෞකා පන්තිය යොදා ගනිමින් මෙම ප්‍රදේශයේ ගවේෂණ සිදු කළේ ය.
විදේශ කටයුතු අමාත්‍යාංශය චීන නෞකාවට ශ්‍රී ලංකාවට පැමිණිම ප්‍රමාද කරන ලෙස දැනුම් දුන්න ද වරායට පැමිණීමට ඉඩ ලබාදෙනවා ද නැද්ද යන්න තවමත් ප්‍රකාශයට පත්කර නැත.
කෙසේ වෙතත් හාබර් මාස්ටර්වරයා ඊයේ ප්‍රකාශ කළේ, යුවාන් වැන්ග් 5 චීන අධිතාක්ෂණික පර්යේෂණ හා නිරීක්ෂණ නෞකාව ඊයේ වරායට නොපැමිණෙන බවයි.
තම අවසරයකින් තොරව කිසිදු නෞකාවක් හම්බන්තොට වරායට ඇතුළ් කිරීමට නොහැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.
🔺ආන්දෝලනාත්මක චීන නැවත් ශ්‍රී ලංකාව දෙසට..
🔺ආන්දෝලනාත්මක චීන නැවත් ශ්‍රී ලංකාව දෙසට.. #lka #SriLanka #SLnews
Posted by Newsfirst.lk on Friday, August 12, 2022
23 Sep, 2023 | 09:29 PM
23 Sep, 2023 | 01:03 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS