සංචාරක වාහනවලට ඉන්ධන දෙන්න විශේෂ වැඩපිළිවෙළක්

සංචාරක වාහනවලට ඉන්ධන දෙන්න විශේෂ වැඩපිළිවෙළක්

by Staff writer 11-08-2022 | 8:31 AM

COLOMBO (News 1st) - සංචාරකයින් රැගෙන යන වාහන සඳහා ඉන්ධන සැපයීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය සඳහන් කළේ, අධිකාරියේ ලියාපදිංචි වී ඇති සියලු වාහන සඳහා මේ අනුව ඉන්ධන නිකුත් කෙරෙන බවය.

සංචාරකයින්ට අපහසුතාවයකින් තොරව මෙරට සංචාරය කිරීම සඳහා මේ පියවර ගත් බව ද ඇය ප්‍රකාශ කළා ය.

මේ අතර මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා ගුවන්තොටුපොළේදීම විශේෂ ඉන්ධන අවසර පත්‍රයක් නිකුත් කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පසුගිය දා තීරණය කළේ ය.