බිත්තර හා කුකුළු මස් මිල ගැන කඩිනම් විමර්ශනයක්

බිත්තර හා කුකුළු මස් මිල ගැන කඩිනම් විමර්ශනයක්

by Staff writer 11-08-2022 | 8:09 AM

COLOMBO (News 1st) - වෙළෙඳපොළේ බිත්තර හා කුකුළු මස් නිෂ්පාදනවල මිල ගණන් ඒ සඳහා වැයවෙන පිරිවැය පිළිබඳ කඩිනම් විමර්ශනයක් කිරීමට වෙළෙඳ හා පාරිභෝගික සුරක්ෂිත අමාත්‍යාංශය තීරණය කර තිබේ.

අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ, එම නිෂ්පාදනවල මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යාම සැලකිල්ලට ගෙන මේ පියවර ගත් බවයි.

මේ වනවිට බිත්තර මිල රුපියල් 55 - 60 දක්වා ඉහළ ගොස් ඇති අතර කුකුළු මස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 1250 ඉක්මවා ගොස් ඇත.

අමාත්‍යවරයා පැවසුවේ, මෙම මිල ගණන් කඩිනමින් පාලනයට පියවර ගන්නා බවයි.