ත්‍රිරෝද රථ ගැන වාර්තාවක් කැඳවයි..

පූර්ණ කාලීනව මගීන් ප්‍රවාහනයේ යෙදෙන ත්‍රිරෝද ගැන බලශක්ති අමාත්‍යාංශය වාර්තාවක් කැඳවයි..

by Staff writer 11-08-2022 | 8:13 AM

COLOMBO (News 1st) - පූර්ණ කාලීනව ගාස්තු අයකර මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රිරෝද සංඛ්‍යාව සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන්නැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ප්‍රවාහන අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

අමාත්‍යාංශය සඳහන් කළේ, එම වාර්තා ලබාදුන් පසු පූර්ණ කාලීනව මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රිරෝද සඳහා ලබා දෙන ඉන්ධන කෝටාව ඉහළ නංවන බවයි.

මේ අතර ලබන 13 වැනි දා බොරතෙල් මෙට්‍රික් ටොන් 40,000 ක් රැගත් නෞකාවක් දිවයිනට ළඟාවීමට නියමිතය.

ඒ අනුව ලබන 15 වැනි දා සිට සපුගස්කන්ද පිරිපහදුවේ සේවා යළි ආරම්භ කිරීමට නියමිත බව අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.