කාන්තාවක් පැද වූ මෝටර් රියක ගැටී දරුවෙකු මරුට..

පානදුරේදී කාන්තාවක් පැද වූ මෝටර් රථයක ගැටී 13 හැවිරිදි දරුවෙකු මරුට..

by Staff writer 11-08-2022 | 4:23 PM

COLOMBO (News 1st) – පානදුර, හිරණ ප්‍රදේශයේදී කාන්තාවක් පැද වූ මෝටර් රථයක ගැටී 13 හැවිරිදි පිරිමි දරුවෙකු මියගොස් තිබේ. 

පොලීසිය සඳහන් කළේ, අදාළ මෝටර් රථය පාලනය කර ගැනිමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන වෙළෙඳසැලක් අසළ පාපැදියක් මත සිටි දරුවාගේ ගැටී ඇති බවය.

මියගොස් ඇත්තේ, හිරණ, පිංවල ප්‍රදේශයේ පදිංචි දරුවෙකි.

එම දරුවා 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකි.

මෝටර් රථය පැදවූ 55 හැවිරිදි කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ. 

ඇය හෙට (11) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.