අද මහනුවරට විශේෂ දුම්රිය දෙකක්

අද මහනුවරට විශේෂ දුම්රිය දෙකක්

by Staff writer 11-08-2022 | 8:40 AM

COLOMBO (News 1st) - මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර නැරඹීමට යන ජනතාව වෙනුවෙන් විශේෂ දුම්රිය දෙකක් ධාවනයට එක් කර තිබේ.

දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, මගී තදබදය අවම කිරීමේ අරමුණින් එම දුම්රිය ධාවනයට එක් කරන බවයි. 

ඒ අනුව එක් දුම්රියක් අද පෙරවරු 10.00 ට කොළඹ කොටුවෙන් මහනුවර බලා ධාවනය වනු ඇති. 

තව ත් දුම්රියක් පස්වරු 2.30 ට කොළඹ කොටුවෙන් මහනුවර බලා ධාවනය කිරීමට සැලසුම් කර ඇතැයි ගාමිණි සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේ ය.

මේ අතර හෙළයේ අසිරිමත් මහා කලා මංගල්‍යය ලෙස සැලකෙන අවසන් රන්දෝලි පෙරහැර නැරඹීම සඳහා පැමිණෙන සැදැවතුන් වෙනුවෙන් පහසුකම් සැලසීමට පියවර ගෙන ඇති බව ශ්‍රී දළදා මාලිගාව පැවසුවේ ය.