22 අද පාර්ලිමේන්තුවට

22 වැනි සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

by Staff writer 10-08-2022 | 6:21 AM

COLOMBO (News 1st) - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පත අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ, පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණයක් අනුවයි.

මේ අතර පාර්ලිමේන්තුවේ නව සභා වාරය විවෘත කරමින් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ කල් තැබීමේ විවාදය දෙවැනි දිනටත් අද පැවැත්වෙනු ඇත.