දකුණු කොරියාවට බලපෑ ගංවතුරින් 9 ක් මරුට

දකුණු කොරියාවට බලපෑ ගංවතුරින් 9 ක් මරුට

by Staff writer 10-08-2022 | 7:25 AM

News 1st - දකුණු කොරියාවට බලපෑ ගංවතුරින් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඒ හේතුවෙන්, නිවාස ඇතුළු ගොඩනැගිලි 2800 කට පමණ හානි සිදුව ඇති බවයි.

අනපේක්ෂිතව ඇදහැලුණු අධික වැසි හමුවේ, ඇති වූ ගංවතුර හේතුවෙන්, සෝල් අගනුවර වීදී ජලයෙන් යටවී ඇති අතර ගොඩනැගිලිවල සහ ඇතැම් මෝටර් රථවල පුද්ගලයින් සිරවී ඇතැයි ද විදෙස් මාධ්‍ය පැවසුවේ ය.

පවතින අයහපත් කාලගුණය හේතුවෙන්, සෝල් අගනුවර පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් ඇති අතර යාබද පළාත් දෙකකින් ද පුද්ගල මරණ වාර්තා වන බව එම වාර්තා අනාවරණ කළේ ය.