ඩෙංගු අධිඅවදානම් කලාප 66 ක් හඳුනා ගැනේ

ඩෙංගු අධිඅවදානම් කලාප 66 ක් හඳුනා ගැනේ

by Staff writer 10-08-2022 | 6:52 AM

COLOMBO (News 1st) - සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 66 ක් ඩෙංගු අධිඅවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එම ඒකකය සඳහන් කළේ, මීරිගම, වාද්දුව, අක්මීමන, බලපිටිය, හබරාදූව, හම්බන්තොට, වැලිගම, කුලියාපිටිය හා වරකාපොළ යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශවල තවදුරටත් ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවයි.

පවතින වැසි තත්ත්වයත් සමග ඩෙංගු මදුරු කීට ගහනය ද ඉහළ ගොස් තිබේ.

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගින් 48351 ක් වාර්තා වී ඇති අතර ඉන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ, කොළඹ දිස්ත්‍රික්කයෙනි.

එම සංඛ්‍යාව 12441 කි.