ගෙවුණු දවස උණුසුම් කළ පුවත්

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්

by Staff writer 10-08-2022 | 6:16 AM

1. නඩුව අවසන් වන තෙක් ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු 3කට විදෙස් ගමන් තහනම් - අල්ලස් කොමිසම පවරා ඇති නඩුවකට අදාළව  ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු  විත්තිකරුවන් 3කට අධිචෝදනා භාර දුන් කොළඹ මහාධිකරණය නඩුව අවසන් වන තෙක් ඔවුන්ට විදෙස් ගමන් තහනම් කරමින් නියෝගයක් නිකුත් කරයි.

2. විදුලි ගාස්තු හෙට සිට 75% කින් ඉහළට -  විදුලි ගාස්තු 75% කින් වැඩි කිරීමට මහජන උපයෝගිතා කොමිසමේ(PUCSL) අනුමැතිය හිමිව තිබේ.

3. ජල හා මළාපවහන ගාස්තු සංශෝධනයට කැබිනට් අනුමැතිය - දැනට අයකරනු ලබන ජල ගාස්තු හා මළාපවහන ගාස්තු සංශෝධනය කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ති‌බේ.

4. විරෝධතා මර්දනයට හදිසි නීතිය නැවත නැවතත් භාවිත කිරීම එක්සත් ජාතීන් හෙළා දකී -  ශ්‍රී ලංකාවේ විරෝධතා මර්දනය කිරීම සඳහා හදිසි නීතිය නැවත නැවත භාවිත කිරීම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයින් හෙළාදැක තිබේ.

5. බත් පාර්සලයක සහ ප්ලේන්ටියක මිල පහතට - ඊයේ (09) සිට ක්‍රියාත්මක වන පරිදි බත් පාර්සලයක සහ ප්ලේන්ටියක මිල පහත දමා ති‌බේ.