සංශෝධිත බස් ගාස්තු මිල ප්‍රදර්ශනය අද සිට

සංශෝධිත බස් ගාස්තු මිල ගණන් ප්‍රදර්ශනය කිරීම අද සිට

by Staff writer 09-08-2022 | 7:27 AM

COLOMBO (News 1st) - සංශෝධිත බස් ගාස්තු මිල ගණන් ප්‍රදර්ශනය කිරීම අද (09) සිට ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් ආචර්ය නිලාන් මිරින්ඩා මහතා සඳහන් කළේ, සියලුම බස් රථවල නව බස් ගාස්තු සංශෝධනයට අදාළ මිල ගණන් ප්‍රදර්ශනය කළ යුතු බවයි. එහෙත් මේ වන තෙක් බස් රථවල එම මිල ගණන් නිසි ලෙස ප්‍රදර්ශනය නොකරන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි. අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ, ඒ හේතුවෙන් අද දිනයේ ජාතික ගමනාගමන කොමිෂන් සභාව එම මිල ගණන් ප්‍රදර්ශන දැන්වීම් බස් රථවල ඇළවීම සිදු කරන බවයි. එමගින් මගී ජනතාවට තමන්ගේ ගමනාන්තයට අදාළ මිල ගණන් දැක ගැනීමට හැකියාව ලැබේ.