විදුලි ගාස්තු හෙට සිට 75% කින් ඉහළට

by Staff writer 09-08-2022 | 1:13 PM

COLOMBO (News 1st) - විදුලි ගාස්තු 75% කින් වැඩි කිරීමට මහජන උපයෝගිතා කොමිසමේ(PUCSL) අනුමැතිය හිමිව තිබේ.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ, හෙට (10) සිට ක්‍රියාත්මක වන පරිදි එම වැඩි කිරීම ක්‍රියාත්මකවන බවය.

ඒ අනුව
 0 - 30 ත් අතර ඒකක සඳහා 264% කින් ද
31- 60 ත් අතර ඒකක සඳහා 211% කින් ද 
 61-  90ත් අතර ඒකක සඳහා 125%කින් ද 
91- 120 ත් අතර ඒකක සඳහා 89%ක් ද
121 - 180ත් අතර ඒකක සඳහා 79 %කින්ද  මිල වැඩි වනු ඇති. 

අද පැවති මාධ්‍ය හමුවකදී මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ,  ලක්ෂ 78   ක් වූ මෙරට විදුලි පාරිභෝගිකයින් අතරින්  ලක්ෂ 67 ක් ම  ගෘහස්ත විදුලි පාරිභෝගිකයින් බවයි.  

ඒ්කක 30 ට වඩා අඩු විදුලි පාරිභෝගිකයින් ලක්ෂ 14ක්, ඒ්කක 60 පමණ පාවිච්චි කරන පාරිභෝගිකයින් ලක්ෂ 17ක්  සහ  ඒ්කක 90 ක් පමණ භාවිත කරන පාරිභෝගිකයින් ලක්ෂ 17ක් පමණ සිටින බව ද සභාපතිවරයා සඳහන් කළේ ය.